50කට බෙහෙත් ගන්න වුණ.. හැටන් බස් රියදුරා බසයෙන් ඉවතට විසි වෙලා ගිය.. හේතුව හෙළිවෙයි..
පසුගිය 21 වනදා මල්ලියප්පු ප්‍රදේශයේ දී හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට පත් පෞද්ගලික බස් රථය අද (23) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කළේ ය.
එහිදී හෙළිව ඇත්තේ අනතුරට පත් බස් රථයේ රියදුරු දොරේ අගුල ක්‍රියා විරහිත වි තිබිම නිසා දොර හදිසියේ විවෘත වි රියැදුරාව අසුනෙන් ඉවතට විසිවී ඇති බව ය.
බිත්තර සුදු මදෙයි කහ මදෙයි එක වගේ නෑ.. හැමදාම කන එක හොඳයි ද?. කෑවට මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?.
නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..
හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලිමක් මත පොලිසිය භාරයේ ඇති අනතුරට පත් එම බස් රථය ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක් කෙරිණ.
එම පරික්ෂාවේදි ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු දොරටුව විවෘත වි ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිත තිබිම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමිමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කර තිබුණි.
එමෙන්ම, රියදුරුගේ ආරක්ෂිත බඳපටිය නොමැති බවත්, බස් රථය තුළ සුදු යකඩ උපාංග රැසක් සවිකර තිබිම නිසා එම අනතුර හේතුවෙන් මගීන්ට බරපතළ තුවාල සිදුවී ඇති බව වාර්තා විය.
එම අනතුරෙන් තිදෙනෙක් මියගොස් තවත් 50 දෙනෙක් පමණ තුවාල ලැබීය.
එසේම, බස් රථයේ ආසන ප්‍රමිතියකට සවිකර නොතිබිම නිසා ආසන සියල්ල ගැලවි ගොස් එකිනෙක ගැටිම නිසා මගින්ට සිදු වු තුවාල බරපතළවිමට හේතුව වි ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලීසියට පැවසීය.
තවද, මගි ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ නොදෙන ලෙසත්, එසේ සවිකර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලීසියේ නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළේ ය.
කෙසේ වෙතත්, ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරිම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව ද හැටන් පොලීසිය සදහන් කළේ ය.
You May Like This Video👇
.