රැප් ගායකයා අත්අඩංගුවට ගත් හේතුව හෙළිවේ

By Wayomi Mar 14, 2025 03:26 PM GMT
Report

ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් තරුණ පරපුරේ ජනප්‍රිය රැප් ගායකයා, ඔහුගේ කළමනාකරු සහ පොලිස් කොස්තාපල්වරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය ප්‍රකාශ ලැබුවා.

මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගැනුණේ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 10 ක් ද සමඟයි.

පොලිසිය සදහන් කළේ, පොලිසිය පැමිණෙන විටත් ඔහු යම් මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටි බවයි. සැකකාර රැප් ගායකයාට මෙම ගිනි අවිය ලබා දුන් බවට අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කර සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බවට හෙළි වී තිබේ.

එම පොලිස් කොස්තාපල්වරයා මාතර - කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සහ උණ්ඩ පොලිසියෙන් සොරාගෙන මොහුට ලබා දී තිබෙනවා.

පසුගිය 06 වනදා සිට එම පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් සහ උණ්ඩ 10 ක් සහිත මැගසිනයක් අස්ථාන ගත වී තිබුණි.

එම සිද්ධියෙන් දින 02 කට පසුව, ඔහු මන්නාරම පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා ගොස් තිබුණා.

එහිදී සී. සී. ටීවි දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම පොලිස් කොස්තාපල්වරයා ගිනි අවිය ඉනෙහි සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබුණා.

ඒ අනුව අදාළ විමර්ශන ක්‍රියාත්මක කෙරුණා.

පොඩි සුද්දාගේ මරුවා වූ වෙඩිල්ල

පොඩි සුද්දාගේ මරුවා වූ වෙඩිල්ල

මීළග ජනපති නාමල් - තිස්සකුට්ටි ෆුල් ට්‍රයි

මීළග ජනපති නාමල් - තිස්සකුට්ටි ෆුල් ට්‍රයි