දලදා පෝලිම් උණුසුම්.. පොලිසියට පාලනයෙන් අසීරුයි..

By Akash Apr 25, 2025 11:00 AM GMT
Report

සිරි දළදා වන්දනාවට අති විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් එම පිරිස් පාලනය කරගැනීමට පොලිසියට දැඩි අපහසු තත්ත්වයක් උදාවී තිබේ.

මහනුවර අම්පිටිය ප්‍රධාන මාර්ගය මුළුමනින්ම අවහිර කරමින් වන්දනාකරුවන් පිරිසක් ගමන් කිරීම ආරක්ෂක අංශය පාලනය කර ඇත්තේ ඉතා අපහසුවෙනි.

ප්‍රබල අකුණු ගැන අදත් නිවේදන

ප්‍රබල අකුණු ගැන අදත් නිවේදන

එම අවස්ථාවේ දී මාර්ගයේ ධාවනයෙන් තිබූ හා නවතා තිබූ වාහනව රැසකටද අලාභ හානි සිදුවී තිබේ.

ඇති වී තිබෙන තත්ත්වය මත යුද හමුදාවද කැඳවීමට පොලිසිය කටයුතු කර ඇත.

පොලිස් නිලධාරින් දෙදෙනෙකු හදිසියේ මියයයි

පොලිස් නිලධාරින් දෙදෙනෙකු හදිසියේ මියයයි

අධික තදබදය හේතුවෙන් තවදුරටත් නව වන්දනාකරුවන් පෝලිම් වලට එක් නොවී සිටින ලෙස පොලිසිය ජනතාවට කිහිප වතාවක්ම ප්‍රසිද්ධ මාධ්‍යයෙන් නිවේදන නිකුත් කර තිබේ.