ජනපතිගේ ප්‍රයිවට් ජෙට් එකට වියදම් කළේ වියට්නාමෙන් - ඇමති විජිත

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයට ශ්‍රී ලංකා ජනතාවගේ මුදල් කිසිවක් වියදම් කර නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව ජනාධිපතිවරයා ලංකාවට පැමිණි විශේෂ ගුවන් යානයට අදාළ වියදම් දැරීම සිදුකළේ, වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් බවයි අද (08) පාර්ලිමේන්තුවේදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය

ලැබුණු රාජ්‍ය ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ලෙස තමා සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවය සඳහාද තවත් අරාධනාවක් ලැබී තිබූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෙසක් උත්සවය 6 වනදා දින උදෑසන පැවති බවත් එදින එයට සහභාගී වී යළි මෙරට මැතිවරණයට සහභාගීවීමට අවශ්‍ය නිසා එයට සහභාගීවීමට නොහැකි බවට ඔවුන්ට දැනුම්දුන් බවත් ඉන් අනතුරුව වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණ වියදම දරා ලංකාවට පැමිණීමට විශේෂ ගුවන් යානයක් සූදානම් කර තිබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)