ජපානෙන් අපිට ලැබුණු රත්තරන් වටින තෑග්ග

Report

උතුරු මැද පළාතේ ප්‍රධානම රෝහලක් වන පොළොන්නරුව ශික්ෂණ රෝහල පසුගියදා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතාගේ අධීක්ෂණයට ලක් විය.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල් සියල්ල විධිමත් ආකාරයෙන් සංවර්ධනය කර ඒ අවට ජීවත්වන ජනතාවට කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් ඔහු මෙම නිරීක්ෂණ චාරිකාවේ යෙදුණි.

මෙහි දී පොළොන්නරුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ඇතුළු බොහෝ ඒකක මෙන් ම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘති වල වත්මන් තත්ත්වයන්, ඉදිරි මෙහෙයුම් කටයුතු ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඒ අතරතුර ජපානයේ ස්වේච්ඡා පදනමක් වන "GS CHARITY" විසින් රෝහල වෙත පරිත්‍යාග කරන ලද රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා යොදා ගන්නා රුධිර කාන්දුකරණ යන්ත්‍ර 2 ක් මෙහිදී මැදවච්චියේ ධම්ම ජෝති හිමි විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත බාර දුන්නේය.

මේ ඉදිරියේ රෝගී ප්‍රතිකාරයන් සඳහා යොමු වන රෝගීන් සඳහා විශාල උපකාරයක් වන බවටත් සඳහන් කළේය.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්