වසර 16කට පසු පුන පුනා බලා සිටි සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
            
                
                By Mithu
            
            
                
                
            
        
    මහනුවර ශ්රී දළදා මාලිගාවේදී “සිරි දළදා වන්දනාව’’ අද සිට (18 වැනිදා) ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක, විදෙස් තානාපතිවරු ඇතුළු ප්රභූන් රැසකගේ සහභාගිත්වයෙන් ශ්රී දළඳා ප්රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.
වසර 16 කට පසුව පැවැත්වෙන “සිරි දළදා වන්දනාව’’ අද (18 වැනිදා) සිට 27 වැනිදා දක්වා දින 10 ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්රී දළදා වහන්සේ අද (18 වැනිදා) දිනයේදී පස්වරු 3 සිට පස්වරු 5.30 දක්වා මහජනතාවට ප්රදර්ශනය කෙරෙන අතර, හෙට (19 වැනිදා) සිට දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා ප්රදර්ශනය පැවැත්වේ.
“සිරි දළදා වන්දනාව’’ සඳහා දිවයිනේ විවිධ ප්රදේශවලින් ලක්ෂ 20 ක පමණ බැතිමතුන් පිරිසක් සහභාගි වෙතැයි පොලිසිය සඳහන් කරයි.