ජනපති නිල ධුර කාලය වසර 05යි වෙනසක් නොවේ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දේ ..

Sri Lanka Supreme Court of Sri Lanka President of Sri lanka Sri Lanka Presidential Election 2024
By Piyumika Jul 08, 2024 05:26 AM GMT
Piyumika

Piyumika

Report

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ .

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළාය.

ඔබ මේ ප්‍රදේශ වල පදිංචිකරුවකුද?.. මේ අනතුරු ඇගවීම ඔබට..

ඔබ මේ ප්‍රදේශ වල පදිංචිකරුවකුද?.. මේ අනතුරු ඇගවීම ඔබට..

අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය සඳහන් කළාය.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබේ.

අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුකෙරේ.

මේ වනවිට නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය. ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.