අගමැති සටන උග්‍ර වේ... ජය කාටද?

By Lakshika May 03, 2025 07:08 AM GMT
Report

ශ්‍රී ලංකාව පළාත් පාලන මැතිවරණයෙන් උණුසුම් වෙද්දී    ඕස්ට්‍රේලියාවේ  මැතිවරණය උණුසුම් වෙයි.

  ඕස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබේ.

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් ඉහළට

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් ඉහළට

මිලියන 18 පිරිසක ජන්දය භාවිතා කරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මෙවර අගමැති ධුරය වෙනුවෙන් තරග වදින්නේ වාමාංශික ඕස්ට්‍රේලියාවේ  කම්කරු පක්ෂයේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ කොන්සර්වේටිව් ලිබරල් - ජාතික සන්ධානයේ පීටර් ඩටන් යන දෙපාර්ශවය වේ .

අනෙක් රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාවේ තුලද ජීවන වියදම් සෞඛ්‍ය නිවාස ගැටළු මුලික ප්‍රශ්න වන අතර මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත්තේද මෙම ගැටළු විදෙස් වාර්තා සදහන් කරනවා.

ත්‍රස්තවාදීන් සතුව තිබූ යුධ හමුදා භාරයට ගත් රත්තරන් භාර දෙයි

ත්‍රස්තවාදීන් සතුව තිබූ යුධ හමුදා භාරයට ගත් රත්තරන් භාර දෙයි

මෙම මැතිවරණ ජයග්‍රහණය කර බහුතර රජයක් පිහියුවීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසන 76 ක් ලබා ගත යුතුය.

එසේ නොමැතිනම් සුළු පක්ෂ හෝ ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් සහාය දිනාගැනීමට උත්සාහ කළ යුතු බව විදෙස් වාර්තා සඳහන් කරයි.