දින 15කට වැඩි කාලයක් පුරාවට පැවති පැරිස් ඔලිම්පික් උලෙළ අදින් නිම වේ..

By Piyumika Aug 11, 2024 02:33 AM GMT
Report

මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්වීමට නියමිතව ඇත.

ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වුණි.

ව්‍යාපාර සදහා නව සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට පියවර ..

ව්‍යාපාර සදහා නව සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට පියවර ..

ක්‍රීඩා 32කට අදාළව තරග 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වුණි.

ඊයේ පිරිමි සහ කාන්තා මීටර් 100 සහාය දිවීම ඉසව්වල අවසන් තරග පැවති අතර එහි පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය කැනඩා කණ්ඩායමටත් කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය අමෙරිකාවත් දිනා ගැනීමට සමත් විය.

හොරකම් කරපු ත්‍රීවීල් දහයකුත් එක්කම අයියා මලෝ මාට්ටු..

හොරකම් කරපු ත්‍රීවීල් දහයකුත් එක්කම අයියා මලෝ මාට්ටු..

රන් පදක්කම් සටහනේ මේ වනවිට පෙරමුණ චීනයට හිමි වී ඇති අතර ඔවුන් රන් පදක්කම් 39ක් හිමිකරගෙන තිබේ.

අමෙරිකාව රන් පදක්කම් 38ක් හිමිකර ගනිමින් රන් පදක්කම් සටහනේ දෙවන ස්ථානයේත් ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 18ක් හිමිකර ගනිමින් තෙවන ස්ථානයේත් රැඳී සිටී.