ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

By Parami Dissanayake Jul 28, 2024 04:50 PM GMT
Report

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 32,183 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ 13ක් ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන්දීය කණ්ඩායමට 162ක ඉලක්කයක්...

ඉන්දීය කණ්ඩායමට 162ක ඉලක්කයක්...

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 12,786ක් බව සඳහන් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 7,585 දෙනෙකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,452 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.

තව ද, උතුරු පළාතෙන් රෝගීන් 4,589 දෙනෙකුද, යාපනය දිස්ත්‍රික්කයෙන් 4,020 දෙනෙකු ද, සබරගමුව පළාතෙන් රෝගීන් 3,329 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.