මිය ගිය හානියා වෙනුවට සින්වාර් නායකත්වයට ..

By Piyumika Aug 07, 2024 01:32 AM GMT
Report

ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත.

හමාස් සංවිධානය ඔවුන්ගේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් තෝරා ගත්තේ, එම ධුරයේ කටයුතු කළ ඉස්මායිල් හානියේ ඝාතනය වීම හේතුවෙනි.

මේෂ,කන්‍යා,මකර සහ මීන ලග්න හිමියන් අද දැඩි කල්පනාකාරීව වැඩකරන්න..නැතිනම් වෙන දේ මෙන්න..

මේෂ,කන්‍යා,මකර සහ මීන ලග්න හිමියන් අද දැඩි කල්පනාකාරීව වැඩකරන්න..නැතිනම් වෙන දේ මෙන්න..

ඉස්මායිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රායලය බවත්, ඇමෙරිකාවේ ද සහාය ඊට හිමිවුණු බවටත් චෝදනා එල්ල වේ.පසුගිය ජූලි 31 වැනිදා හානියේ ඝාතනය වූයේ ඔහු ඉරානයේ සිටිද්දීය.

“ඉස්මයිල් හනියාගේ අනුප්‍රාප්තිකයා ලෙසත් අප දේශපාලන අංශ නායකයා ලෙසත් යාහ්යා සින්වාර් තෝරා ගැනීමට තීරණය කළා.” යැයි හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වයක්..

දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වයක්..

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ගැටුම් පවතින්නේ පසුගිය ඔක්තෝබර් 11 වැනිදා, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ලබා ගෙන, ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරය මුල්කොට ගනිමිනි.

එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ, 61 ක් හැවිරිදි යහ්යා සින්වාර් යැයි ද පැවැසේ .