කොල්ල කරුවන්ගේ ප්‍රහාරයෙන් තිදරු මව මරුට..පියා බරපතල තුවාල සහිතව අතපය ගැටගසා සිටියදී හමුවේ..

Sri Lanka Police Sri Lanka Death Murder
By Piyumika Jun 27, 2024 05:50 AM GMT
Piyumika

Piyumika

Report

ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් තිබේ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු STF අතට..

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු STF අතට..

එම නිවසේ සිටි පුරුෂයාද තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ඝාතනය වන්නට ඇතැයි සිතා කොල්ලකරුවන් පලා ගියද එම පුද්ගලයා මියගොස් නොතිබූ බවත් තුවාල ලබා බරපතල තත්වයෙන් සිටි ඔහු ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කල බවද පොලිසිය පැවසීය .

සිද්ධියට අදාලව ප්‍රහාරයට ලක්වූ දෙදෙනාගේ දරුවන් දෙදෙනෙකු විදේශගතව පදිංචිව සිටින අතර එක් දියණියක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටී.

විදුලිසැර වැදීමෙන් 20හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට බරපතලයි ..

විදුලිසැර වැදීමෙන් 20හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට බරපතලයි ..

දේපල කොල්ලකෑම සදහා පැමිණි කිසිවෙකු මෙම ඝාතනය කර ඇතැයි සැක කරන බවද පොලිසිය පැවසීය .

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇහැලියගොඩ ඈරෑපොළ නැදුරන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රලතා අයරින් නමැති 74 හැවිරිදි තිදරු මවකි.එමෙන්ම එම නිවසේම පදිංචි ඇගේ ස්වාමි පුරුෂයා වන වයස අවු. 76ක් වු විශ්‍රාමික යුධහමුදා නිලධාරියෙකි.

පුතාට පදිංචි සහතිකේ නොදීමට නම් මේවා දෙන්න..අම්මාගෙන් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ..

පුතාට පදිංචි සහතිකේ නොදීමට නම් මේවා දෙන්න..අම්මාගෙන් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ..

ඔහු එම නිවසේ නානකාමරය අසල අයුධයකින් කපා තුවාල සිදුකර අතපය ගැටගසා සිටි බවයි පොලිසිය පැවසුවේ .