සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් පොහෝ දිනය අදයි...

By Hashini May 12, 2025 01:13 AM GMT
Report

ශ්‍රී 2569 වන උතුම් වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

සිදුහත් කුමාරයාගේ උප්පත්තිය, සිදුහත් බෝසතුන්ගේ බුදු වීම සහ බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි කරමින් බෞද්ධ ජනතාව වෙසක් පොහෝ දිනය සමරනු ලබනවා.

ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස පුජාවෙන් සහ ප්‍රතිපත්ති පුජාවෙන් තමන්ගේ වත් පිළිවෙත් අද දිනයේ සපුරනු ලබනවා.

අදත් වැසි තත්ත්වයේ වැඩි වීමක්....

අදත් වැසි තත්ත්වයේ වැඩි වීමක්....

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වනවා.

එසේම උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා! 

වෙසක් පොහෝ දිනයට ජනපති නිකුත් කල පණිවිඩය...

වෙසක් පොහෝ දිනයට ජනපති නිකුත් කල පණිවිඩය...