එළවලු ගැන ඇහෙන අලුත් ම කතාව
Economy of Sri Lanka
Vegetables Price
Sinhala news
By Hashan
දිවයින පුරා පවතින ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා .
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙලෙස එළවලු මිල ඉහල ගොස් ඇති බචයි සඳහන් වන්නේ.
ඒ අනුව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝවක් 565ක මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 865 ක මිලකටත්, වම්බටු කිලෝවක් රුපියල් 375 ක මිලකටත්, අමු මිරිස් කිලෝවක් රුපියල් 265 ක මිලකට සහ තක්කාලි කිලෝවක් රුපියල් 525 ක මිලකටත් අළෙවි වන බවයි වාර්තා වී ඇත්තේ.
එසේම, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 1000 ක මිලකටත්, වම්බටු කිලෝවක් රුපියල් 700 ක මිලකටත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 600 ක මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 660 ක මිලටත් අළෙවි වන බව සදහන්.
