ගුවන්තොටින් ඇල්ලු 'කුෂ්' තොගය.. වටිනාකම කෝටි ගානක්

Report

රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙක් මෙලෙස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ තරුණයා අදාළ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහාය.

රළු මුහුද හා තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

රළු මුහුද හා තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු තුළ වූ රසකැවිලි අඩංගු පැකට් කිහිපයක් තුළ ''කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 910ක ප්‍රමාණයක් සඟවා ගෙන පැමිණ තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.