එකම වරද දෙවරක් කල IPL ක්‍රීඩකයා
By Hashini
IPL තරගාවලියේ ඊයේ (4) පැවති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන් අපහසුතාවට පත්වන ලෙස හැසිරුණු ලක්නව් ක්‍රීඩක දිග්වේෂ් රාතිට දඩ පනවා තිබෙනවා.
ක්‍රීඩක දිග්වේෂ් මෙවර තරගාවලිය ආරම්භයේ සිට ඇතැම් අවස්ථාවලදී කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව 'සටහන් පොතේ ලිවීම' (notebook celebration) හැඟවෙන කඩුලු සැමරුමක නිරත වීම දක්නට ලැබුණා.
එය IPL චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමක් වන අතරම එය ප්‍රතිවාදී ක්‍රීඩකයන්ව හෙලා දැකීමක් ද වනවා.
මේ හේතුවෙන් මීට පෙර පංජාබ් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාකළ තරගයේදී ද තරග ගාස්තුවෙන් 25%ක දඩයක් ක්‍රීඩක දිග්වෙෂ්ට පැනවුණා.
කෙසේ නමුත් ඊයේ තරගයේදී ද ඔහු දෙවන වරටත් එම වරදම සිදුකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් 50%ක දඩයක් පැනවීමට IPL විනය කමිටුව කටයුතු කර තිබෙන්නේ.