අඹු සැමි ආරවුල් දෙකක් - පොරව පහරකින් සහ පොලු පහරකින් නිමා වූ හැටි..

By Piyumika Sep 08, 2024 01:44 AM GMT
Report

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.

ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු හා 56 හැවිරිදි කාන්තාවකි.

මෙහෙම අයිස්ක්‍රීම් වර්ගයක් ගැන ඔයාටත් ආරංචි වුණාද ..

මෙහෙම අයිස්ක්‍රීම් වර්ගයක් ගැන ඔයාටත් ආරංචි වුණාද ..

මෙම අඹුසැමියන් දෙදෙනා අතර නිතර ආරවුල් ඇතිවී ඇති බවත් පසුගිය 06 වනදා රාත්‍රි කාලයේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලකදී සැමිය විසින් එම ඝාතනය සිදුකර ඔහුද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සඳහා යොදාගත් පොරවක් අපරාධය සිදුවූ ස්ථානයේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි ඉන්දීය ජාතිකයාගේ අවාසනාවන්ත ඉරණම..

මෙරට පෞද්ගලික ආයතනයක සේවය සඳහා පැමිණි ඉන්දීය ජාතිකයාගේ අවාසනාවන්ත ඉරණම..

මේ අතර වාර්තා  වුනු තවත් සිද්ධියක   සැමියා සමග ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් යකඩ පොල්ලකින් පහරදී සැමියා ඝාතනය කර තිබේ.

ඊයේ උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ තෙල්දෙණිය පොලිස් වසමේ උඩගම්මැද්ද ප්‍රදේශයෙනි.එලෙස මියගොස් ඇත්තේ, උඩගම්මැද්ද, ගොමගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගයෙකි.

රුවන්වැලි මහා සෑ පුද බිමෙන් ඇහෙන ලැජ්ජා හිතෙන කතාවක්..

රුවන්වැලි මහා සෑ පුද බිමෙන් ඇහෙන ලැජ්ජා හිතෙන කතාවක්..

ඝාතනය සඳහා යොදාගත් යකඩ පොල්ල සඟවා තිබීයදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සැකකාර බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.