රුවන්වැලි මහා සෑ පුද බිමෙන් ඇහෙන ලැජ්ජා හිතෙන කතාවක්..

Sri Lanka Police Anuradhapura Sri Lanka Tourism Sri Lanka Tourism
By Piyumika Sep 07, 2024 06:46 AM GMT
Piyumika

Piyumika

Report

සංචාරයක් සඳහා මෙරටට පැමිණ රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීමට පැමිණි ඉතාලි ජාතික කාන්තාකවට ලිංගික අතවරයක් කිරීමට තැත් කළ බව කියන චීවරධාරියෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

සිසුන් 70ක් අතුරුදහන් කරමින් 17 කට මාරු කැදවූ ප්‍රථමික පාසල් ඛේදවාචකය ..(VIDEO/PHOTO)

සිසුන් 70ක් අතුරුදහන් කරමින් 17 කට මාරු කැදවූ ප්‍රථමික පාසල් ඛේදවාචකය ..(VIDEO/PHOTO)

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මෙරට සංචාරයකට පැමිණ සිටි ඉතාලි ජාතික තරුණ කාන්තාවකි.

පැමිණිලිකාර විදෙස් කාන්තාව පෙරේදා (05) රුවන්වැලි සෑ මළුවේ ඇවිදිමින් සිටිය දී එම ස්ථානයට පැමිණ ඇති මෙම චීවරධාරියා ඇය සමග සුහදව කතා බහ කර වට්ස්ඇප් අංකය ලබාගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

මෙහෙම අයිස්ක්‍රීම් වර්ගයක් ගැන ඔයාටත් ආරංචි වුණාද ..

මෙහෙම අයිස්ක්‍රීම් වර්ගයක් ගැන ඔයාටත් ආරංචි වුණාද ..

ඉන් අනතුරුව විනාඩි පහකට පසු දුරකතන ඇමතුමක් ලබාගෙන හමුවීමට අවශ්‍ය බව පවසා ඇති බවත් ඒ සම්බන්ධව විදේශ කාන්තාවගේ කැමැත්ත විමසා කිහිපවරක් දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇත.

පසුව පැමිණිලිකාරිය අනුරාධපුර නගරයේ හෝටලයක් වෙත පා ගමනින් ගමන් කරමින් සිටියදි කාර් රථයකින් පැමිණ ඇති චීවරධාරියා ඇයට රථයට ගොඩවන ලෙස දිගින් දිගටම බලපෑම් කර තිබේ. ඇය එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී රියදුරා ලෙස කටයුතු කළ පුද්ගලයා කාර් රථයෙන් බැස රථයට ගොඩවන ලෙස ඇයට තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

ලක් මවට ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා දුන් නෙත්මි..

ලක් මවට ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා දුන් නෙත්මි..

මෙම සිද්ධියෙන් තමන් දැඩි ලෙස බියට පත්ව ඒ ආසන්නයේ තිබූ පාවහන් අලෙවිසලක් තුළට දිව ගොස් ආරක්ෂා වූ බවත් එම සිදුවීම හේතුවෙත් තමන් දැඩි අප්‍රසන්නතාවයට සහ රාත්‍රී නින්දට යෑමේ දී බයට පත් වී දැඩි පීඩාවට පත් වූ බව ඇය ප්‍රකාශ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

එම විදෙස් ජාතික කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පූජා නගරය ආසන්න විහාරස්ථානයක ජීවත්වන එම චීවරධාරියා සහ පැමිණිලිකාරිය පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අනතුරුව සාපරාධී බලහත්කාරකමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වීමෙන් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කළ බව පොලිසිය පැවසීය.