වතුකරයේ ජනතාවට අරුණාලෝකයක්..නිවාස ගැටලුවට විසදුම්..

By Piyumika Dec 11, 2024 04:59 AM GMT
Report

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

යහපත් අනාගතයක් තනන්න යන රජයට පොත් කර්මාන්තය අමතක වෙලා.. දැනටමත් සියයට 30කින් පහත වැටිලා..

යහපත් අනාගතයක් තනන්න යන රජයට පොත් කර්මාන්තය අමතක වෙලා.. දැනටමත් සියයට 30කින් පහත වැටිලා..

එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව මහල් 6කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුව ඇති බවයි.

වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවට ගණන් බලා තිබේ. කෙසේ වෙතත් පර්චස් 7 බැගින් වෙන් කර ඒ සඳහා තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන් කිරීමට සිදුවනු ඇති.

දෙයියනේ ඊයේ දවසට 50ක්..අද ඉදන් නම් ලේසි වෙන්නේ නෑ...

දෙයියනේ ඊයේ දවසට 50ක්..අද ඉදන් නම් ලේසි වෙන්නේ නෑ...

ඒ පිළිබඳ සලකා බලා මේ තීරණයට එළඹි බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. මේ අතර ඉන්දීය ආධාර මත ඉදි කෙරෙන නිවාස 10,000 වැඩ අවසන් කළ තවත් නිවාස 990ක් ජනතාව වෙත භාර දීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවේ ය.

You may like this video