මාලිමාව පන්න දමන්නට පළමු පියවර තලතාගෙන්

Report

පළාත් පාලන ඡන්ද විමසීමේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය සහ ඒ පිළිබඳ තීරණය කිරීම සඳහා සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තෙන් සිටින බව එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ පවසයි.

ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු ධූරය අහෝසි කිරීමේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු ධූරය අහෝසි කිරීමේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇ‍ය පවසා සිටියේ, ඒ සඳහා සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි.

ජාතික ජන බලවේගය දිගින් දිගටම ජනතාව රවටා ඇති බැවින් සිය පක්ෂයේ අභිප්‍රාය වන්නේ ඔවුන් බලයෙන් නෙරපාහැරීම බව ද ඇය පැවසුවාය.

තරුණියක් වෙනුවෙන් "ඔපරේශන් සින්දූර්" නමින් පකිස්ථානයට මිසයිලයක් යැවූ මෝදි

තරුණියක් වෙනුවෙන් "ඔපරේශන් සින්දූර්" නමින් පකිස්ථානයට මිසයිලයක් යැවූ මෝදි

එමෙන්ම සමගි ජනබලවේගය සමඟ කටයුතු කිරීමට සැමවිටම සූදානම්ව සිටි ඇය සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනත් එම පක්ෂය සමග මීට පෙර ද සාකච්ඡා කළ බැවින් එම සාකච්ඡා යළි ආරම්භ කළ හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.