මුනුපුරා නිවසේ නොමැති අවස්ථාවේදී ඔහුගේ බිරිඳ මිත්තණියට කරපු දේ..

By Piyumika Jul 08, 2024 05:06 AM GMT
Report

මහලු රෝගී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කල පුවතක් ඇත්ගාල උලපනේ ප්‍රදේශයේදී වාර්තාවේ .

එලෙස ඝාතනය කර ඇත්තේ 78 හැවිරිදි උලපනේ ප්‍රදේශයේ ම පදිංචිව සිටි මහලු කාන්තාවක් වන අතර ඊයේ (07) අළුයම මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කර ඇත .

අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

අයියාව නහවා ගෙට ගෙනගිය ටිකට තුන් හැවිරිදි මල්ලී ටැංකියට වැටී මරුට..

මෙම ඝාතනයට ලක්වූ කාන්තාව ඇයගේ මුනුපුරා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග එකම නිවසේ ජීවත්ව සිට තිබේ

. නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් මුනුපුරාගේ බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

ඔබ මේ ප්‍රදේශ වල පදිංචිකරුවකුද?.. මේ අනතුරු ඇගවීම ඔබට..

ඔබ මේ ප්‍රදේශ වල පදිංචිකරුවකුද?.. මේ අනතුරු ඇගවීම ඔබට..

එම අවස්ථාවේ එම පුද්ගලයා නිවසේ සිට නොමැති බව පසුව අනාවරණය වී ඇති අතර ඝාතනය සම්බන්ධ‍යෙන් අදාළ 32 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇත්ගාල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.