ශ්‍රී ලංකාව “Event Hub” වෙත — නව ඩිජිටල් උත්සව දිනදර්ශනය දියත් වෙයි
ශ්‍රී ලංකාවේ උත්සව සහ ප්‍රදර්ශන ක්ෂේත්රය ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස “Sri Lanka Event Calendar” නිල වෙබ් අඩවිය (srilankaevents.lk) ඊයේ (23) දින දියත් කර තිබේ.
මෙම ජාතික ඩිජිටල් වේදිකාව මඟින් දිවයින පුරා පැවැත්වෙන සංස්කෘතික, ක්‍රීඩා සහ ව්‍යාපාරික ඉසව් පිළිබඳ නිවැරදි හා නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු එකම ස්ථානයකින් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.
විදේශ සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ විශේෂ උත්සව පිළිබඳ පහසු ප්‍රවේශයක් ලබාදීම මඟින් සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමත්, දේශීය ඉසව් සංවිධායකයින්, ව්‍යාපාරිකයින් සහ කලාකරුවන් සඳහා නව වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීමත් මෙහි අරමුණ වේ.
එසේම, විධිමත් සම්බන්ධීකරණයක් ඔස්සේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්රමුඛ “Event Hub” එකක් බවට පත් කිරීම සහ තාක්ෂණය හා දේශීය දක්ෂතා එක් කරමින් විදේශ විනිමය ආදායම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයන් ලෙස සඳහන් වේ.