සැඩ පහරට තවත් ජිවිතයක් බිලි වේ..
By Piyumika
අඟුරුවාතොට - රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.

සැමියා විකුනපු වී මිටිය මොකක්ද කියලා බලද්දී බිරිදට දෙවියෝ සිහි වෙලා..කඩේ මුදලාලිත් පෙර පිනක් පල දීලා කියලා හිතලා..
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්තොට තුතිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වැලිකඩගේ වසන්ත කුමාර නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකි.
මරණකරු පිටාර ගිය වතුරේ මාර්ගය හරහා ගමන් කිරීමේදී සැඩ පහරට අසුව ගසාගෙන යාමේදී එය දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ඔහු බේරාගෙන ට්‍රැක්ටරයකින් හල්තොට රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය පවසයි.