සැමියා විකුනපු වී මිටිය මොකක්ද කියලා බලද්දී බිරිදට දෙවියෝ සිහි වෙලා..කඩේ මුදලාලිත් පෙර පිනක් පල දීලා කියලා හිතලා..

Sri Lanka Police Sri Lanka Gossip Today
By Piyumika Oct 13, 2024 03:22 AM GMT
Piyumika

Piyumika

Report

තම දියණියගේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය කඩයට විකුණූ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුව එම මුදල ලබාගැනීම සදහා පොලිසියට ගොස් පොලිසියේද මැදිහත්වීම මත එම මුදල ලබාගෙන ඇත.

ඊශ්‍රායල් තහනම නොතකා ඉරාන කතානායක ලෙබනන් ආපු හැටි ..

ඊශ්‍රායල් තහනම නොතකා ඉරාන කතානායක ලෙබනන් ආපු හැටි ..

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවළගේ විවාහක තම දියණියට මුදල් අවශ්‍යතාවක් මතු වී එම දියණියගේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවත් පියාත් සාකච්ඡා කර ඔවුනට අයත් ඉඩමකින් කොටසක් විකුණා මුදල් ලබාදීමට තීරණය කර ඇති අතර ඒ අනුව එම ඉඩම් කොටස විකුණා රුපියල් පහළොස් ලක්ෂයක් ලබා ගෙන ඇත.

එම මුදල ආරක්ෂක ස්ථානයක තැබීමට බාර වී ඇත්තේ භාර්යාවටය. රටේ පවතින තත්වය අනුව ඒ මුදල කොතැනක සඟවනවා දැයි එදින රාත්‍රියේ කල්පනා කළ ඇය අවසානයේ තම ස්වාමියාටත් නොදන්වා රුපියල් ලක්ෂ පහළව සිලි සිලි මල්ලක ගැට ගසා නිවසේ තිබූ අඩක් වී පිරවූ ගෝනියක් තුළ සඟවා නින්දට ගොස් ඇත.පසු දින උදයේ ඇය උයා පියා ගේදොර අතුපතුගා තරමක් දුරින් පිහිටි අසල්වැසි නිවසකට අවශ්‍යතාවයක් සඳහා ගොස් තිබේ.

මෙහෙමත් පාලිකාවක්..ආබාධිත දරුවන්ට කරලා තියන අපරාදයක්..

මෙහෙමත් පාලිකාවක්..ආබාධිත දරුවන්ට කරලා තියන අපරාදයක්..

මේ ආරක්ෂාව ගැන නොදන්නා ස්වාමියා අවදිවී මුහුණ කට සෝදාගෙන උදය ආහාරයද ලබාගෙන මුදල් රැගෙන යෑමට එන දියණියට හොඳට කන්න බොන්න දෙන අදහසින් නිවසට අවශ්‍ය දෑ ගෙන ඒමට වී ටිකක් විකිණීමේ අදහසින් අඩක් පුරවා තිබූ වී ගෝනිය ප්‍රමාණවත් යැයි සිතා එම වී ගෝනිය තම යතුරුපැදියේ තබාගෙන ප්‍රදේශයේ වී කඩයකට ගොස් විකුණා ඇත. ඉන්පසු ඒ මුදල් ලබාගෙන වෙළඳ සැලකට ගොස් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන එන අතරවාරයේ නිවසින් බැහැරව සිටි බිරිය නිවසට පැමිණ ස්වාමියා කොයිදැයි බලන විට නිවසේ නොසිටි නිසා නිවස අසල නිවැසියන්ගෙන් විමසීමේදී ඔහු වී මිටියක් අරගෙන යතුරුපැදියෙන් ගිය බව පවසා ඇත.

ඒ සැණින් නිවසට දිවගිය ඇය තමා මුදල් සැඟවූ වී ගෝනිය තිබේදැයි විපරම් කර ඇත. ඇයට දෙවියන් සිහිවුණි. ස්වාමියා රැගෙන ගොස් ඇත්තේ තමා මුදල් සැඟවූ වී ගෝනිය බව දැනගත් ඇය ස්වාමියා ගිය මඟ දිග පිස්සියක මෙන් දිව යන අතරමගදී ස්වාමියා හමුවී ඇත. එහිදී භාර්යාව ස්වාමියාට දොස් නගමින් මුදල් සගවා තිබුණේ ඒ වී ගෝනියේ බව පවසා ඇත.

පොඩි වැඩකට රාත්‍රියේ නිවසින් පිටතට පැමිණි දැරියට සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය..

පොඩි වැඩකට රාත්‍රියේ නිවසින් පිටතට පැමිණි දැරියට සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය..

මේ වන විට කාලය පැය කීපයක් ගත වී ඇත. දෙදෙනාම ආපසු වී කඩේට ගොස් ඒ බව පවසා මුදල් ඉල්ලා ඇතත් ඒ ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ගෙනා වී මිටිය තවම වී ගොඩට හැලුවේ නැති බවත් වී කඩේ බලධාරීන් පවසා තිබේ.

තමන් ගෙනා වී මිටිය ලෙහා ඇති බව දැනගත් ඔහු මුදල් ටික ආපසු දෙන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියත් පලක් නොවූයෙන් එම දෙපළ අවසානයේ හිඟුරක්ගොඩ පොලිසියේ පිහිට පතා ඇත.

එම පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ හිඟුරක්ගොඩ පොලිස් නිලධාරීන් සිදු කළ පරීක්ෂණ හා හරස් ප්‍රශ්න කිරීම් හේතුවෙන් එම මුදල සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.