IPL පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා වෙයි.(VIDEO)

By Madheeha_Naz May 12, 2023 07:47 AM GMT
Report

IPL තරඟ ඉතිහාසය තුළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩක යශාස්වි ජයිස්වාල් සමත්වී තිබෙනවා .

මොහු පන්දු 13කදී ලකුණු 50ක් ලබාගත් අතර සිය ඉනිම තුළ පන්දු 47 කදී නොදැවී ලකුණු 98ක් ලබාගැනීමට සමත් වුණා .

යශාස්වි ජයිස්වාල් ගේ සුපිරි ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 12ක් ද ඇතුළත්ය.

මෙයට පෙර කේ.එල් රාහුල් සහ පැට් කමින්ස් පන්දු 14කදී ලකුණු 50 ලබාගනිමින් වේගවත්ම අර්ධ ශතකයට හිමි සම වාර්තාව හිමිකරගෙන තිබෙනවා.

එසේම ඊයේ පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 149ක් ලබාගත් අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 13යි එක් පන්දුවකදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW