මැතිවරණ කොමිසම ආණ්ඩුවට බයයි නීති කැඩුවට ගණන් ගන්නේ නෑ - මන්ත්‍රී නලීන් බණ්ඩාර

Report

 පළාත් පාලන ඡන්දය ආසන්න මොහොතේ මැතිවරණ කොමිසම ස්වාධීනත්වය අහිමි කරගනිමින් ආණ්ඩුවට බය පක්ෂපාතීව ක්‍රියා කරන බවට සමගි ජන බලවේගය චෝදනා කරයි.

රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)

රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)

මැතිවරණයට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශයක් ජනාධිපතිවරයා කිරිම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පැමිණිලි කර දින 15 ක් ඉක්මයන තෙක් මැතිවරණ කොමිසම පියවරක් නොගැනීමෙන් ඒ බව සක්සුදක් සේ පැහැදිලි වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ‘මව්බිම’ට පැවසීය.

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකරන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත්වීමට සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බරපතළ එකක් බව ත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මුල සිට ම අනුගමනය කළේ නිහඬ පිළිවෙතක් බව ත් මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

ආණ්ඩුව මතක තියාගන්න - "පිල්ලෙයාන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කළ කෙනෙක්"

ආණ්ඩුව මතක තියාගන්න - "පිල්ලෙයාන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කළ කෙනෙක්"

රටේ විධායක ජනාධිපතිවරයා ලෙසින් අනුර කුමාර දිසානායක මෙවැනි බරපතළ වරදක් කරද්දී මැතිවරණ කොමිසම බය පක්ෂපාතීත්වයෙන් මෙන් ම මන්දගාමීත්වයෙන් ක්‍රියා කරන්නේ යැයි කී හෙතෙම ඊට එරෙහිව සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමට පැමිණිල් කරන්නේ යැයි ද ඔහු සඳහන් කළේ ය.

සෙසු පක්ෂවලින් තරඟ කරන තරුණ අපේක්ෂකයන්ට හොරුන් ලෙස ලේබල් ඇලවීමෙන් නොනැවතී ආණ්ඩුවට බලය අහිමි වන ආයතනවලට මුදල් වෙන් නොකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට හේතුව පළාත් පාලන ආයතනවලින් 40%ක පමණ බලය අහිමිවීමේ අවදානම යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම තත්ත්වය මැතිවරණ නිරීක්ෂකයන් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු පාර්ශවවල අවධානය යොමු විය යුතු යැයි ද මැතිවරණ කොමිසමේ අගතිදායක ක්‍රියාකාරිත්වයට සියලු දෙනාගේ විරෝධය එල්ල විය යුතු යැයි ද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)