ක්‍රිකට් පෙත්සම සලකා බැලීම අද....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.
අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී පෙත්සම පසුගිය 16 වනදා කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේ එය අද දින දක්වා කල්තබා තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද දිනය වන තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ප්‍රතිඥා ලබා දීම හේතුවෙන් වාරණ නියෝග දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.
පෙත්සම් විභාගයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු ඉවත්වීම හේතුවෙන් එම පෙත්සම සලකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පසුගියදා පත් කරනු ලැබුවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා, විනිසුරු ධම්මික ගනේපොල මහතා, විනිසුරු නීල් ඉද්දවෙල මහතා ද එම නඩු විභාගයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පත් කල අතර එම විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද සලකා බැලීමට නියමිතයි.

මෙරට තරගකාරීම විභාගයකට එකවරම අයදුම්පත් කැඳවයි - මේ සුදුසුකම් සම්පූර්ණ නම් දැන්ම අයදුම් කරන්න.. කාලය සීමිතයි.(PHOTO)
...............................
