කෝප් කමිටු රැස්වීම අත්හිටුවයි.

Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවන බවයි.

කථානායකවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (17) පාර්ලිමේන්තුවේදී කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

කෝප් කමිටුව තුළ දැනට උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම නැවත ආරම්භ කළ හැකි බවයි.

කෝප් කමිටු රැස්වීම අත්හිටුවයි. | The Cope Committee Adjourns The Meeting

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට පැමිණීමත් සමඟ මෙම ගැටළුකාරි තත්ත්වය පැන නැගුණා. 

ඒ අනුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබු කෝප් කමිටු රැස්වීමද අවලංගු කර තිබෙනවා.

මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මාහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කමිටු සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.