ගිය සති අන්තයේ මග හැරුණු ඕනෑම කෙනෙකුට ශුභ ආරංචියක්.(PHOTOS)
By Piyumika
පසුගිය සතියේ දිස්වූ අවුරෝරා හෙවත් උතුරු එළි සංසිද්ධිය දැකගැනීමේ අවස්ථාව තවත් සති දෙකකින් යළි උදාවන බව විද්‍යාඥයින් පවසනවා.
ඌෂාලෝක ලෙසද හැඳින්වෙන මෙහිදී අහසේ විවිධ වර්ණාවලි මැවෙන අතර, මෙය සිදුවන්නේ සූර්ය කුණාටු හේතුවෙන්.
පසුගිය සතියේ පැවති මෙම සංසිද්ධියේදී අහස කොළ පැහැයක් ගත් අතර, ඊටම මිශ්‍රවී දම්, රතු, වයලට් හෝ සුදු පැහැයෙන් වර්ණාවලි රටා දක්නට ලැබී ඇති බව සඳහන් වේ.
යුරෝපය, උතුරු ඇමරිකාව, කැනඩාව වැනි උතුරු අර්ධගෝලයට අයත් ඇතැම් රටවල සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා තස්මේනියාව වැනි දක්ෂිණ අර්ධගෝලයේ ඇතැම් රටවල ජනතාවට මෙම අවස්ථාව දැක බලා ගන්න හැකි වුණා.
කෙසේ වෙතත් සූර්ය කුණාටු තත්ව හේතුවෙන් විදුලි පරිපථවල වෝල්ටියතාව වෙනස්විය හැකි අතර, ගුවන් විදුලි සම්ප්‍රේෂණවල මෙන්ම චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලද ඇණහිටීම් සිදුවිය හැකියි.







