සිවිල් නඩු විධාන පනත සම්මත වේ...

Report

අද (23) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

අද (23) පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වූණු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අතර ඉන් පසු එළැඹි කාරකසභා අවස්ථාවේ දී පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීම සිදු වුණි.

ඉතියෝපියාවේ නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව 146ක් දක්වා ඉහළට...

ඉතියෝපියාවේ නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව 146ක් දක්වා ඉහළට...

සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම පනත් කෙටුම්පත පසුගිය මැයි 13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය.

මේ අතර අධිකරණ සංවිධාන පනත යටතේඅංක 2360/22 සහ 2371/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියෝග සදහා ද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.