ඉතියෝපියාවේ නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව 146ක් දක්වා ඉහළට...
ඉතියෝපියාවේ සිදුවූ නාය යාමෙන් මියගිය සංඛ්‍යාව 146 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම සිදුවීමෙන් අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඊට අනුව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් විශ්වාසය පළ කරන්නේ ය.
ඒ අතර, පිරිමි පුද්ගලයින් 90 දෙනෙකු සහ කාන්තාවන් 46 දෙනෙකු බව වාර්තා වේ.
පැවති අධික වර්ශාපතනයත් සමග මෙම නාය යාම සිදුව ඇති අතර සෝදිසි මෙහෙයුම් සිදු කරන අතරතුර ද තවත් නාය යාමක් සිදුව තිබුණා.