අල්ලස් කොමිසමෙන් යළිත් ඩයනා ගැන විමර්ශන...

Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka Central Bureau of Investigation Diana Gamage
By Parami Dissanayake Jun 30, 2024 05:55 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙන්න... විදුලි බිල අඩු කරන දිනය

මෙන්න... විදුලි බිල අඩු කරන දිනය

මෙම විමර්ශනය සිදු කිරීමට අල්ලස් කොමිසම ආරම්භ කර ඇත්තේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර අල්ලස් පනතේ සඳහන් දුෂණය නමැති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ය.

අතවරයට ලක් කිරීමේදී දත් කුට්ටම උගුරේ සිරවී කාන්තාවක් ජිවිතක්ෂයට...

අතවරයට ලක් කිරීමේදී දත් කුට්ටම උගුරේ සිරවී කාන්තාවක් ජිවිතක්ෂයට...

මෙලෙස, තමා ලාංකීය පුරවැසියකු නොවන බවත් දැන දැන ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇය අවභාවිත කළ මුදල් නැවත අය කරගන්නා ලෙසත් ඇයට එරෙහිව නඩු පවරන ලෙසත් ඉල්ලමින් අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

 ඒ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව ය.