හතලිස්දාහා මදි වුණ ඌරුවරිගේ වන්නිල ඇත්තන්.. කීව දෙය මෙන්න..
දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වගාබිම් සඳහා රජය විසින් අක්කරයකට ලබාදෙන බව කියන රුපියල් හතළිස් දහසක මුදල ප්‍රමාණවත් නොමැති බවයි.
ආදිවාසී නායකයා මේ බව සඳහන් කළේ අද (30) දහවල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එහිදී ආදිවාසී නායකයා සඳහන් කළේ මේ වනවිට කුඹුරු අක්කරයක් සී සෑම සඳහා ද රුපියල් හතළිස් දහසක පමණ මුදලක් අය කරන බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් කියා සිටියේ මෙවැන්නකී,
“මේ මෑත කාලයේ මේ රටට වෙච්ච ලොකුම විනාශය තමයි ස්වභාවික විපතක් විදියට මේ පහුගිය දවස්වල ඇද හැලුණු වර්ෂාපතනය ආණ්ඩුවක් හැටියට දැන් ලොකු වගකීමක් තියෙනවා. මේ මිනිස්සුන්ට උදව්කරන එකට, මං මේ නාමල් කරුණාරත්න ඇමතිතුමාට කියන්නේ ඉස්සර සමස්ත ලංකා ගොජන සම්මේලනයේ සභාපති හැටියට හිටියෙත් එතුමා තමයි. ගොඩක් ගොවියන් වෙනුවෙන් කතා කරපු මහත්තයෙක්. ඉතින් එයා දැන් කියනවා මේ වෙලා තියෙන විපතට අක්කරයකට රුපියල් හතළිස් දාහක් දෙනවා කියලා. කරුණාරත්න මහත්තයට මං මේ කියන්නෙ අද දවස වෙනකොට බිම හාන්ඩත් අක්කරේකට හතළිස් දාහකට කිට්ටුව යනවා. එතකොට කඩෙන් ගන්න බෙහෙත්වලට, පිටින් හොයාගන්න බිත්තර වී වලට තවත් සෑහෙන මුදලක් යනවා. වී බුසලක් රුපියල් හාරදාහක් පන්දහසක් වෙනවා. එතකොට අක්කරේකට හතළිස් දාහක් ලැබුනම කොහොමද ඒ ගොවියා ඒ වැඩ ටික කරගන්නේ එයාට ඒ මුදල ප්‍රමාණවත් ද, මේක ඇත්තටම අසාධාරණයක්. මේ වෙලා තියෙන විපතින් ගොවියන් බේරගන්නවා නම් තව ටිකක් කල්පනා කරනවනම් හොඳයි.”
You May Like This Video👇
.