කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. පළමුවරට තරුෂිගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලය කෞතුකාගාරයට.. හේතුව ඇහුවොත් පුදුම හිතෙයි.. (PHOTOS)

Report

මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේ දී තරුෂි කරුණාරත්න භාවිත කළ ක්‍රීඩා ඇඳුම් කට්ටලය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවර පිහිටා ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩක කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා භාර දීමට ය.

ලංකාවට දෙවෙනි වෙලා නෑ.. ගුවන් තොටුපළකුත් වැහෙයි.. බංග්ලාදේශයේ වෙලා තියෙන හරියක්.. (VIDEO)

ලංකාවට දෙවෙනි වෙලා නෑ.. ගුවන් තොටුපළකුත් වැහෙයි.. බංග්ලාදේශයේ වෙලා තියෙන හරියක්.. (VIDEO)


එය නිල වශයෙන් භාරදීම ඊයේ (05) පෙරවරුවේ පැරිස් නුවරදී සිදු ව තිබෙනවා.

ඒ මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර 800 ඉසව්වට ආසියාව නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩකාව ලෙස ඇයට ලැබුණු ගෞරවය උදෙසා ය.

එය IOC ක්‍රීඩක කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ගෙන් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් තරුෂිගේ මෙම ඇඳුම් කට්ටලය ක්‍රීඩා ගම්මානයේ IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශන සහ වැඩසටහන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් මහත්මිය වෙත අත්සන් කර භාර දී තිබෙනවා.

වාහනයක් තියෙන ඔයාටයි මෙන්න මේ ආරංචිය.. තව මාස 2ක් ඇතුළත වෙන දෙය මෙන්න..

වාහනයක් තියෙන ඔයාටයි මෙන්න මේ ආරංචිය.. තව මාස 2ක් ඇතුළත වෙන දෙය මෙන්න..


ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඇදුම් කට්ටලයක් ලූසෑන් හි IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබීම විශේෂත්වයක් වේ.

මෙම අවස්ථාව අගයමින් IOC සභාපතිගේ අත්සනින් යුත් සහතිකයක් තරුෂිට ලැබෙනු ඇත.

එය ඇයට ඉදිරියේ දී ලබාදීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඊයේ පෙරවරුවේ පැවති මෙම අවස්ථාවට තරුශි කරුණාරත්න සමඟින් මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී චන්දන ලියනගේ මහතා ද එක්ව සිටියේ ය.

GalleryGalleryGalleryGallery