වාහනයක් තියෙන ඔයාටයි මෙන්න මේ ආරංචිය.. තව මාස 2ක් ඇතුළත වෙන දෙය මෙන්න..

Lasantha Alagiyawanna Sri Lanka Politician Department of Motor Vehicles Latest Headlines Decision Making
By krishani Aug 05, 2024 05:29 PM GMT
krishani

krishani

Report

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

වාහනයක් තියෙන ඔයාටයි මෙන්න මේ ආරංචිය.. තව මාස 2ක් ඇතුළත වෙන දෙය මෙන්න.. | Annual Vehicle Smog Tests

ඒ මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවය.

රන් මිල නොහිතපු ගාණකින් බැහැලා.. නව මිල දැනගන්න මෙතනින් පිවිසෙන්න..

රන් මිල නොහිතපු ගාණකින් බැහැලා.. නව මිල දැනගන්න මෙතනින් පිවිසෙන්න..


අද(05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේ ය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ය.

රෑ 11.30 වෙනකම් කාලය ලේසි නෑ.. වෙන දෙය ගැන දැනගෙනම ඉන්න වෙයි..

රෑ 11.30 වෙනකම් කාලය ලේසි නෑ.. වෙන දෙය ගැන දැනගෙනම ඉන්න වෙයි..


වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අප දන්නවා අද මේ වායූ විමෝචන සහතික අරගෙන ඒ වාහන හිමියන්ට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න මෝටර් වාහන බලපත්‍රය ගන්න. රක්ෂණ ආයතනයට යන්න වෙනවා රක්ෂණ සහතිකය ගන්න. එතකොට මේ වාහන හිමිකරුවෙක් මේ ස්ථාන තුනටම ගිහිල්ලා තමයි සහතික තුන ගන්න ඕනේ. දැන් අපි අවශ්‍ය වැඩපිළිවෙළක් යොදලා තියෙනවා.

මේ වාහන වායු විමෝචනය සඳහා ඒ ස්ථානයට ගියාට පස්සේ ඒ සහතිකය අරගෙන ඒ අවස්ථාවේ දී ම රක්ෂණය සහ වාහන බලපත්‍රයත් එකම ස්ථානයකින් ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක්.

ඒ සම්බන්ධයෙන් තව මාස දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

මේ සඳහා යම් ගාණක් ගෙවීමට සිද්ධ වෙනවා. එම නිසා මේක අනිවාර්ය එකක් නැහැ. ඒ අයට පුළුවන් කමක් තියෙනවා කැමති පරිදි ඒ සේවා ලබාගන්න."