තරින්දිගේ කසාදෙ බොරුද? හැම කෙනාටම හොද වෙන්න බෑ සුභ පැතුම්වලට ස්තුතියි [PHOTOS]
පහුගිය දිනවලදී ප්‍රසිද්ධ නිලියක් වුන තරින්දි හැමෝටම හොරෙන් හදිස්සියේම විවාහ වුණා කියන පුවත පැතිරුණා.
ඒ එයාගේ සමිපතයෙක් වුන චතුර රාජපක්ෂත් එක්ක.
කොහොම නමුත් ඒ හුදෙක් ෆොටෝශූට් එකක් විතරයි !
තරින්දිත් චතුරත් දෙන්නම, ඊට දින කිහිපයකට පස්සෙ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඒ බව දැනුම් දීලා තිබුණා,
“සුභ පැතු ,අපට අශිර්වාද කල ඔබට සැමට ආදරෙයි
(මේ අපි දෙන්නා ආසාවෙන් කරපු වෙළද දැන්විමක bridle photo shoot එකක් පමනයි.)” – චතුර
ඇය වැඩි දුරටත් සදහන් කළේ,
සුබ පැතූ , ආශිර්වාද කල සැමට හදවතින්ම ස්තූතියි 🙏 මගේ ආදරණීය රසිකයන් නොමග යැවීම කිසිසේත් මෙහි අරමුණක් වී නොමැති බවත් , මෙය විවාහ මංගල්‍යයක් ලෙසම , අනුග්‍රාහකයින් කීප දෙනෙකු සමග එකතුවී සිදු කල bridal shoot එකක් බවත් ආදරයෙන් කියා සිටිමී…. කීපදෙනෙක් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයන් ඉදිරිපත් කර තිබූ අතර , බොහෝ පිරිස් ඒ දෙස රිනාත්මකව නොබලා ඔවුන්ගේ ආදරය,ආශිර්වාදය එලෙසම ලබා දුන්නා… Negative marketing කර මිනිසුන් රවටා මට මාවම රවටා ගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැත…මා හට සාධාරණව ක්ෂේත්රය තුල ගමනක් යෑමට අවශ්‍ය ශක්තිය,ධෛර්යය ,හැකියාව ,ආත්ම විශ්වාසය ඇති බව විශ්වාසයෙන් කියමී…මාගේ චරිත වලට ආදරය කරන ,මා වටා මේ වන තෙක් රැඳී සිටි ආදරණීය රසිකයින්ගෙන් මා ආදරයෙන් ඉල්ලා සිටින්නේ ,මෙය රිනාත්මකව නොදකින ලෙසයි..මගේ වෘත්තීමය හා පෞද්ගලික ජීවිතේ සම්බන්ධයන් මා ඔබ හා බෙදාගැනීමට කැමති සියලු තතු මා මාගේ නිල Facebook ගිණුමේ සඳහන් කරන අතර , වෙනත් කිසිදු පුද්ගලයෙක් හෝ social media වල share වන තොරතුරු සම්බන්ධයෙන් දෙපාරක් සිතන ලෙස මා හට ආදරය කරන ඔබ සැමගෙන් කාරුණිකවඉල්ලා සිටිමි…. අවසාන වශයෙන් , අප හට හැම දෙනාටම “හොඳ” විය නොහැක..නැවතත් ඔබ සැමගේ ආදරණීය සුබ පැතුම් අහක නොගිය බවත්, ඉතා වටිනාතමකින් හදවතේ ඉහලම තැනක තබා ඇති බවත් කියන්නට කැමැත්තෙමී… ❤️🙏🙂

























