තලතාගේ මන්ත්‍රී අසුන ගැන දැනුම්දීමක්..

Report

පාර්ලිමේන්තු මහලේකම් විසින් ,පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව මැතිවරණ  කොමිසමට දැනුම් දී තිබේ.

ඒ රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගය නියෝජනය කෙරූ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමගය.  

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබේ.

එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බවත් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවයි.

තවද පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (22) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 836ක් වාර්තා වූ බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දෙමව්පියන්ගේ ඇඟේ ලේ වතුර වන පුවතක් - ප්‍රසිද්ධ පාසලේ විදුහල්පතිගෙන් සිසුන්ට ලිංගික හිරිහැර..

දෙමව්පියන්ගේ ඇඟේ ලේ වතුර වන පුවතක් - ප්‍රසිද්ධ පාසලේ විදුහල්පතිගෙන් සිසුන්ට ලිංගික හිරිහැර..