දෙමව්පියන්ගේ ඇඟේ ලේ වතුර වන පුවතක් - ප්‍රසිද්ධ පාසලේ විදුහල්පතිගෙන් සිසුන්ට ලිංගික හිරිහැර..

Report

කතරගම පොලීසිය මගින්, කතරගම, ගෝතමීපුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, එම පාසලේ පිරිමි ළමුන් තිදෙනෙකුව අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ විදුහල්පතිවරයා විසින් තමන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බව පවසමින් එහි සිසුවකු සිය පංති භාර ගුරුවරයාව දැනුවත් කර ඇත.

අනතුරුව තවත් පිරිමි ළමුන් දෙදෙනෙකු ද එවැනිම වූ අතවරයන්ට තමන්ද ලක්වූ බවට පවසා තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් එම පාසලේ දරුවන්ගේ මව්පියන් චෝදනා කරන්නේ මෙම සිදුවීම යටගැසීම සඳහා ඇතැම් කණ්ඩායම් ක්‍රියාකරන බවය.  

මියගිය ජනපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් ආදේශකයෙක් - මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්..!

මියගිය ජනපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් ආදේශකයෙක් - මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්..!