දරුණු බඹර ප්‍රහාරයක් - දසදෙනෙකු රෝහලේ

Report

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ බඹර කුඩුවක් ඇවිස්සීමෙන් 15 දෙනට වැඩි පිරිසක් බඹර ප්‍රහාරයට ලක්වී තිබේ.

අඩපනාවිල්ලුවේ පිහිටි නිවාස සංකීර්ණය ආසන්නයේ පදිංචි පිරිසක් මේ අනතුරට ලක් වී ඇති අතර, මුලින්ම බඹර ප්‍රහාරයට ලක්වු පිරිස බේරා ගැනීමට ඉදිරිපත් වූ අය ද බඹරුන්ගේ දෂ්ඨ කිරීමට ලක්වී ඇත.

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම අනතුරෙන් මේ වන විට පුද්ගලයින් දසදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ,අසල මාර්ගයේ ගමන් කරන පිරිසද මේ ප්‍රහාරයට ලක්වී ඇති බවයි.

ඩොලරය ඉහළ යද්දි රුපියල තවත් බාල්දු වෙයි - නවතම මිල ගණන්

ඩොලරය ඉහළ යද්දි රුපියල තවත් බාල්දු වෙයි - නවතම මිල ගණන්