ගුරු-විදුහල්පතිවරුන්ට ඉතිරි 2/3 ක වැටුප සහ සම්පූර්ණ හිඟ මුදල් මෙවර අයවැයෙන්.?

Government Employee Government Of Sri Lanka Ceylon Teachers Service Union Teachers Budget 2025
By Wayomi Feb 02, 2025 09:13 AM GMT
Wayomi

Wayomi

Report

ගුරු-විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු ඉතිරි 2/3 ක වැටුපත්, අනෙකුත් සියළුම අධ්‍යාපනය සේවාවන් හි නිලධාරින්ට හිමි විය යුතු සම්පූර්ණ හිඟ මුදලත් ගෙවා දැවීමට අය වැය මගින් මුදල් වෙන් කරන ලෙස මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිම්න්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අය වැය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අනුව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කර ඇති අය වැය යෝජනාව මෙන්න,

"අධ්‍යාපන කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ට 97/2 චක්‍ර ලේඛනය මගින් අති වූ වැටුප් විෂමතාවය සමනය කිරීම සඳහා සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ද, වෘත්තීය සමිති සියල්ලම පාහේ ද, එවකට විපක්ෂයේ සිට තවත් පිරිස් ද එක්වන කටයුතු කරනු ලැබීය.

ඒ නිසා, 2025 අය වැය මගින්, 97/2 චක්‍ර ලේඛනයේ නිසා ඇති වූ වැටුප් විශමතාවය නිවැරදි කර, වත්මන් ආණ්ඩුව ද, විපක්ෂය එක්ව පිළිගත් පරිදි අධ්‍යපාන කේෂ්ත්‍රයේ සියළුම සේවාවන් හි නිලධාරීන් වෙත පූර්ණ වැටුප් හිමිකම ලබා දීමට කටයුතු කළ යුතුය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට 2/3 ක වැටුප් හිමිකම ද, අනෙකුත් සේවාවන් හි සියළු නිලධාරයන්ට පූර්ණ හිඟ මුදල ද, ලබා දීමට අවශ්‍ය මුදල් මෙවර අය වැය මගින් ලබා දෙන ලෙස යෝජනා කරමි.

එහි ප්‍රතිඑලයක් ලෙස, 2021 වසරේ දී, ගුරුවරුන්ට හා විදුල්පතිවරුන්ට පමණක් එම වැටුප විෂමතාවයෙන් 1/3 ක් පසුගිය රජය විසින් ලබාදෙන ලදී. නමුත්, එතන දීත් අධ්‍යාපන පරිපාලන‌ සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය ඇතුළු අනෙකුත් සේවාවන් හි නිලදාරීන්ට ඔවුන්ට හිමි විය යුතු 1/3 ක වැටුප හිමිකම හෝ ලැබුණේ නැත."

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.


You may like this video

 

ReeCha