ගුරුවරුන්ගෙන් රතු එළියක් - මෙහෙම ගියොත් දිගටම නිවාඩු
පාසල් කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ජනවාරි 5 වන දිනට පෙර ලබා නොදුනහොත්, ගුරු වෘත්තිය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් බවට පැවසා තිබේ.
අද (22) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යවරිය හා ගුරු වෘත්තීය සමිති අතර හමුවක් පැවැත්විණි. ඒ අනුව මෙම හමුවේදී පාසල් කාලය වෙනස් කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සම්බන්ධ කරුණු සාකච්ඡා කරන ලදී.
ගුරු වෘත්තීය සමිති පැවසූයේ, දෙසැම්බර් 12 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වුවත් එය සිදු නොවී ඇති බවයි.
ඒ අතර, අග්‍රාමාත්‍යවරිය අද දිනයේදී යම්කිසි මට්ටමක තමන්ගේ ප්‍රකාශවලට ඇහුම්කන් ලබා ඇති බවත්, එය සලකා බලන බවත් ප්‍රකාශ කළ බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර තිබේ.