ගණන් සර් කොළේ වහලා දැරියකට කරපු අමානුෂික අපරාදේ

Sri Lanka Police Ministry of Education Hospitals in Sri Lanka Education
By Mithu Apr 29, 2025 09:43 AM GMT
Mithu

Mithu

Report

පාසල් පොත් බෑගයේ තිබූ ගණිතය පොත එළියට ගැනීමට පමා වුණැයි කිපුණු ගම්පොළ ප්‍රදේශයේ පාසලේ ගුරුවරයකු එම පාසලේ දහය වසර ශිෂ්‍යාවකට ලීයකින් කළ පහර දීමක් ඇගේ ඇසට වැදීම නිසා එම ශිෂ්‍යාව ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වත්ත පදිංචි ඇගේ මව වන කේ. මහේෂ්වරි මේ පිළිබඳව පුස්සල්ලාව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

එම පැමිණිල්ලට අනුව මෙම ශිෂ්‍යාව පන්තියේදී ගණිතය පාඩම සඳහා සූදානම්ව ඇති අතර ඒ සඳහා බෑගයේ තිබූ විශාල පොත් අතරින් ගණන් පොත සොයාගෙන එළියට ගැනීමට පමා වී තිබේ. මෙයින් කිපුණු ගණිත ගුරුවරයා අතේ තිබූ කෝටුවකින් ඇගේ අතට පහර දී ඇති අතර එම අවස්ථාවේ එම කෝටුව ඇගේ ඇසේ වැදී තිබේ.

ඇස රතු වී ඉදිමීම නිසා එම ගුරුවරයා ඇයට පවසා ඇත්තේ ඇල්වතුරින් ඇස සෝදාගෙන පන්තියේ වාඩිවෙන ලෙසයි. ඒ සමගම ගුරුවරයා පන්තියෙන් පිටව ගොස් ඇති අතර ක්ලාන්ත තත්ත්වයට පත් ශිෂ්‍යාව දුටු පන්තිභාර ගුරුවරිය ඇගේ රෝගයේ නරක තත්ත්වය දැක වෙනත් ගුරුවරයකු දුන් මුදල් ද රැගෙන ත්‍රිරෝද රථයකින් ඇය පෞද්ගලික බෙහෙත් ශාලාවකට රැගෙන ගොස් තිබේ.

අදත් සුපිරි ධනයෝගයක්....මේ ලග්න වල අය ටිකක් ප්‍රවේශම් වෙන්න...

අදත් සුපිරි ධනයෝගයක්....මේ ලග්න වල අය ටිකක් ප්‍රවේශම් වෙන්න...

ඒ වනවිටත් ගුරුවරුන් කතාකර ගත් පරිදි මෙම ශිෂ්‍යාවට කෝටුවකින් පහර දුන් බව නොකියා බිම ඇද වැටීම නිසා ඇසට හානි වී ඇති බව පවසා ප්‍රතිකාර ලබාගැනීමට උත්සාහ කළ ද රජයේ රෝහලකට දරුවා රැගෙන යන ලෙස බෙහෙත් ශාලාවෙන් පවසා ඇත. මේ අතර මෙම සිද්ධිය දැනගත් දරුවාගේ මව සිද්ධිය පුස්සල්ලාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය මැදිහත්වීමෙන් එම ශිෂ්‍යාව ගම්පොළ ශික්ෂණ රෝහලට යවා තිබේ. සිද්ධිය පිළිබඳව පුස්සල්ලාව පොලිසිය පරීරික්ෂණ පවත්වයි.

ReeCha