වතු කම්කරුවන් උද්ඝෝෂණයක (PHOTO)

Report

ජාත්‍යන්තර තේ දිනය යෙදී ඇති (21) දින කම්කරු අයිතිවාසිකම් ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් නුවරඑළිය මහ නගර සභා පුරහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

මහනුවර ප්‍රදේශයේ ක්‍රියාකාරි රාජ්‍ය නොවන සංවිධානයක් සිවිලි ක්‍රියාකාරකයින් සහ වතු වෘත්තීය සමිති කිහිපයක් එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)

රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)

මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක්වූ සංවිධායකයන් කියා සිටියේ රටේ ආර්ථීකයට වතු ප්‍රජාවගෙන් විශාල දායකත්වයක් ලැබුණද එම ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් ලබා දීමට මෙතෙක් කිසිවෙකුත් කටයුතු කර නොමැති බවයි.

දැනට ඔවුන් වෙත ලබා දී ඇති අයිතිවාසිකම් දිනෙන් දින කප්පාදුකරමින් සිටින බවත්, වතුකම්කරුවන්ට මූලික වැටුප රු.1700/= දක්වා ඉහළ දැමිය යුතු බවයි.

T56 අවිය අතගත් 68ත් හැවිරිදි කත

T56 අවිය අතගත් 68ත් හැවිරිදි කත

වතුකම්කරුවන්ට ඉඩමක් සහිතව තනි නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකල යුතු බවත්, එම ප්‍රජාවගේ ආර්ථික තත්වය ඉහළ දැමීම, එම ප්‍රජාවගේ දූ දරුවන්ගේ අධ්‍යාපන තත්වය ඉහළ දැමීමට පියවර ගැනීම, වතු ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කිරීම ඇතුළු ඉල්ලීම් රාශියක් ලබා දිය යුතු බවට බල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණ.

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් නුවරඑලිය තුරග තරග පිටිය අසල සිට විරෝධතා පුවරුද රැගෙන නුවරඑළිය මහ නගර සභා පුරහල වෙත පා ගමනින් පැමිණ එහිදි රැස්වීමක්ද පැවැත්විණ.

Gallery