බදු යුද්ධය උග්‍ර වේ... රටවල් අතරත් ගැටුම්

Report

ඇමෙරිකාවේ චීනය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබෙන තීරු බදු සම්බන්ධයෙන් මේ වන විට ලොව රටවල් විශාල ප්‍රමාණයක් සිය විරෝධය පළ කරමින් සිටිනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම් විසින් ගෙන ඇති මෙම තීරණය ඉතාමත් අසාධාරණ බවයි බොහෝ පිරිස් සඳහන් කර ඇත්තේ.

පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට...(UPDATE)

පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට...(UPDATE)

ඇමරිකාවේදී ජනතාව වීථි බැස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රබ් ගේ මෙම ක්‍රියා කලාපය හෙළා දකිමින් විරෝධතා ව්‍යාපාරවල නිරත වී සිටියා.

කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම් විසින් රටවල් කිහිපයකට පනවා තිබෙන මෙම බදු හේතුවෙන් මෙවන විට මෙය බදු යුද්ධයක් බවට පරිවර්තනය වී ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ.

හිටපු ඇමති ප්‍රසන්නට වරෙන්තු - මර්වින් ඇතුළු 4ක් යළි රිමාන්ඩ්

හිටපු ඇමති ප්‍රසන්නට වරෙන්තු - මර්වින් ඇතුළු 4ක් යළි රිමාන්ඩ්

මේ අතර චීනය විසින් අමෙරිකානු ආනයන 84% ක තීරු බද්දක් පනවන බව චීන මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

එම බද්ද හෙට (10) දින සිට ක්‍රියාත්මක කරන චීනය නිවේදනය කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා චීන ආනයන සඳහා පැනවූ 104%ක බද්ද අද (09) සිට ක්‍රියාත්මකයි.