මේ අය වසර 5ක් යනකම් බද්දෙන් නිදහස් - 200,000 බැගින් ගෙවන්න අවශ්‍ය නැහැ
2018 අංක 35 දරන මුදල් පනත යටතේ දුරකථන සන්නිවේදන කුලුනු මත අය බද්දක් පනවා ඇති අතර, ඒ අනුව දුරකථන සන්නිවේදන කුලුනු හිමි ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගෙන් වාර්ෂිකව රුපියල් 200,000/- ක් බැගින් වූ බදු මුදලක් අය කරනු ඇත.
එහෙත්, 2026-01-01 දින හෝ ඉන් පසුව අලුතින් ඉදි කරනු ලබන දුරකථන සන්නිවේදන කුලුනු සඳහා වසර 05 ක කාලයක් ඉකුත් වන තෙක් අදාළ බද්ද අය නොකිරීමට 2026 අයවැය මඟින් යෝජනා කරනු ලැබේ.
ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා වන විධිවිධාන ඇතුළත්ව 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපති විසින් අවසරය ලබා දී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.