“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර ඔහු හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ප්‍රකාශ කරනවා.
ඊයේ යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ වැඩබලන නායක සි.වී.කේ. ශිවඥානම් මේ ගැන අදහස් දැක්වූවා.
අගමැති මෝදි ලබන මාසයේ මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති අතර, ඔහු හමුවීමට තමිල් අරසු පක්ෂය අවස්ථාවක් ඉල්ලා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
විශේෂයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරු පළාත් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩබලන නායක සි.වී.කේ. ශිවඥානම් තවදුරටත් සඳහන් කළා.