තව ඩිංගෙන් පවුල් 34 කට අයට ඡන්දේ දාන්න වෙන්නෙත් නෑ..

Report

කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් 34 කට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාසලින්ගම් මනෝ හරන් නැමති 37 හැවිරිදි අම්බාල් නගර්, ශාන්ත පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

මීට වසර විසිතුනකට පෙර අද වගේ දවසක..(VIDEO/PHOTOS)

මීට වසර විසිතුනකට පෙර අද වගේ දවසක..(VIDEO/PHOTOS)

කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදෙන්නෙකු ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ රාජකාරියේ නියැලී සිටියදී සැකකරුගේ මවට සහ නැගණියට ඡන්ද පත්‍රිකා ලැබී ඇතිමුත් තමාට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු බව පවසා ලියුම් බෙදන්නා සමග ආරවුලක් ඇති කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව සැකකරු ලියුම් බෙදන්නාට තර්ජනය කර ඔහු සතුව තිබූ පවුල් 34 කට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගෙන පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.

මෙහෙම ඡන්ද පෝලිමක් ගැන ඔයාටත් ආරංචිද ..

මෙහෙම ඡන්ද පෝලිමක් ගැන ඔයාටත් ආරංචිද ..

කිලිනොච්චිය පොලිසියේ නිලධාරීන්ට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබූ ඡන්ද පත්‍රිකා තොගය සොයාගත් බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.