තායිවානයට මහ වැසි කඩා වැටෙයි- නගර රැසක පාසල් සහ රාජ්‍ය කාර්යාල වසා දමයි
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු තායිවානයේ ප්‍රදේශ රැසක කාර්යාල සහ පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කඕෂියුං සහ තයිනෑන් නගරවල මෙන්ම පිංතුං සහ චියායි ප්‍රාන්තවලද රාජ්‍ය කාර්යාල සහ පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ ඒවගේම නැගෙනහිර තායිවානයේ තයිතුං සහ හුවාලියන් ප්‍රාන්තවලද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සේවා සහ පාසල් කටයුතු අත්හිටුවා ඇත
පසුගිය දින කිහිපය පුරා දකුණු තායිවානය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇතිවී තිබෙන අතර, ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇත
කඕෂියුං බලධාරීන් පවසන්නේ දින පහක කාලයක් තුළ ලැබෙන සමස්ත වර්ෂාපතනය මිලිමීටර් එක්දහස් තුන්සියය ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එය එම නගරයට සාමාන්‍යයෙන් වසරක් තුළ ලැබෙන වර්ෂාපතනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් බවද සඳහන් වේ
අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය සේවා කිහිපයකටද බාධා එල්ල වී ඇත කාලගුණ බලධාරීන් පවසන්නේ සවුඩෙල් සුළි කුණාටුව මේ සතිය අවසානයේදී තායිවානයේ උතුරු ප්‍රදේශයට බලපෑම් එල්ල කරනු ඇති බවයි තවද අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසද තායිවාන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි .