T56 අවිය අතගත් 68ත් හැවිරිදි කත
වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී රන් පැහැති ආවරණ සහිත T56 වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවිය සන්තකයේ තබා ගත් 68 හැවිරිදි කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකාරියක් හා 40 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඔවුන් අද(21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
68 හැවිරිදි කාන්තාව සිය මෝටර් රථයේ ඩිකියෙන් ගත් ගමන් මල්ලක බහා එම ගිනි අවිය රැගෙන යනු දුටු නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් ඒ සම්බන්ධයෙන් විමසා පොලීසිය දැනුවත් කර තිබේ.
අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ T56 ගිනි අවිය සිය භාරයට ගත්තේ ඊයේ පස්වරුවේදිය.