ලුණු හිඟය අවසන් - අදම ඉන්දියාවෙන් ගේනවා

Report

රටේ පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොගයක් අද රාත්රියේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

"විපක්ෂයට එල්ලෙන්න තිබුණු අවසාන වැල වන ලුණුත් ඉවරයි. දැන් අලුත් වැලක් හොයාගන්න වෙලා තිබෙනවා," යනුවෙන් අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කොරියාවට යන්න ඉන්නවනම් මේක බලන්න

කොරියාවට යන්න ඉන්නවනම් මේක බලන්න

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා, "සමහර අය ලුණු මාෆියා හදනවා.

මේ වන විට ලුණු මාෆියාව අවසන් කර තිබෙනවා. ආනයනකරුවන් ලුණු කන්ටේනර් විසිපහක් ගෙන්වා තිබෙනවා.

ලුණු අද ඉඳන් එනවා. අපේ රටේ දවසට ලුණු මෙට්රික් ටොන් පන්සියයක් වැය වෙනවා. මේ වන විට හම්බන්තොට ලේවායට දුන්න ලුණුත් දවස ගානේ වෙළඳපොළට නිකුත් වෙනවා.

බලපත්‍ර රහිත ගිනි අවියක් - කාගේද ?

බලපත්‍ර රහිත ගිනි අවියක් - කාගේද ?

වෙන කියන්න දෙයක් නැති නිසා ලුණු ගැන බොරු කියනවා," යැයි පැවසීය. අද රාත්රියේ (මැයි 21) ඉන්දියාවෙන් ලුණු මෙට්රික් ටොන් 3,050 ක තොගයක් මෙරටට ගෙන ඒමට නියමිත බව අමාත්යවරයා සඳහන් කළේය.

මෙම තොගයට පෞද්ගලික අංශයෙන් ආනයනය කරන ලද ලුණු මෙට්රික් ටොන් 250 ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයනය කරන ලද ලුණු මෙට්රික් ටොන් 2,800 ක් ඇතුළත් වන බව වාර්තා වේ.

රටේ මාසික ලුණු අවශ්යතාවය මෙට්රික් ටොන් 15,000 ක් වන අතර වාර්ෂික අවශ්යතාවය ලුණු මෙට්රික් ටොන් 180,000 කි.

ශ්රී ලංකාව සාමාන්යයෙන් යල සහ මහ කන්න දෙකකදී ලුණු අස්වැන්න නෙළාගනී.

යල කන්නයේ අස්වැන්න පෙබරවාරි මැද සිට අප්‍රේල් මැද දක්වා වන අතර මහ කන්නයේ අස්වැන්න ජුනි මැද සිට ඔක්තෝබර් මැද දක්වා ලබා ගැනේ.

කෙසේවෙතත්, පසුගිය වසරේ අධික වර්ෂාව හේතුවෙන්, යල සහ මහ කන්නවලදී අපේක්ෂිත ලුණු අස්වැන්න ලබාගැනීමට නොහැකි වූ බවත්, එමඟින් රටේ අවශ්යතා සපුරාලීම සඳහා ලුණු ආනයනය කිරීමට සිදුවූ බවත් අමාත්යවරයා පැහැදිලි කළේය.

ලුණු හිඟය නිසා පසුගිය සති කිහිපය පුරා වෙළඳපොළේ ලුණු මිල ඉහළ ගොස් තිබූ අතර, ලුණු ආනයනය කිරීමෙන් අනතුරුව මිල ස්ථාවර කිරීමට හැකිවනු ඇතැයි අමාත්යාංශය අපේක්ෂා කරයි.